April 2, 2026
Local NewsNews

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

කටුනායක ගුවන්තොටුපලේ ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා පවසයි.

‘මම ඇත්තටම මගේ බිරිදව විදේශගතවෙන්න ඇරලවන්න ගියා. බැගේජ් දෙකටි තිබුනෙ. පෝටර් කෙනෙක් ආන මමයි ඒ බෑග් දෙක ට්‍රොලියෙන් තිබ්බෙත්.

මං සල්ලි දුන්නට පස්සෙ සල්ලි මදි කියල ගෙනියන්න බෑ කිවුව. මට එවෙලෙ ඇත්තටම කේන්ති ගියා.

අපි වගේ මිනිස්සුන්ටත් මෙහෙම කරනවනම් අහිංසක දුප්පත් මිනිස්සුන්ට කොහොම කරනවා ඇත්ද.

මං පැත්තකට අරන් ගිහිල්ලා එහෙම කියලා මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා මාව අඳුරගත්තේ’

කටුනායක ගුවන්තොටුපලේ ගුවන් මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෝටරවරයෙකු රුපියල් දහසක මුදලක් අය කරන බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.

අමාත්‍යවරයා විසින් ඔහුට ලබා දී තිබුණේ රුපියල් හත්සීයක් බවද වාර්තා වෙයි.

Related posts

ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට කෝටි සීයක බදු සහනයක්…

Shiran Viraj

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

Shiran Viraj

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj