February 1, 2026
Local NewsNews

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 ක් වශයෙන් (08) දින වන විට තිබෙන බව එම ඉංජිනේරුවන් පැවසිය.

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළට අඳුරු දවසක්: දර්ශක දෙකම දැඩි ලෙස පහළට

Shiran Viraj

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් 2026දී? – වැඩබලන පොලිස්පතිගෙන් ඉඟියක්

Shiran Viraj

මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයි

Shiran Viraj