30 C
Colombo
June 24, 2025
News Political

ධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත.

ඒ අනුව උතුරු ප්‍රදේශයේද ඔහු සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇත.

යාපනය මුටෘවෙලි ක්‍රීඩංගණයේ දී ඩීපී එඩියුකේෂන් සහතික පත් ප්‍රධානෝත්සයට ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

එක් වූ ජනතාව අමතමින් අදහස් ප්‍රකාශ කල ධම්මික පෙරේරා මහතා පැවසුවේ ඩීපී එඩියුකේෂන් ව්‍යාපෘතිය හරහා රටේ දරුවන් මිලියනකගේ අනාගතය සුරක්ෂිත කරන බවත වසර පහක් තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක මුදලක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපේක්ෂා කරන බවත්ය.

එක් දරුවෙකු වෙනුවෙන් වූ මෙම පාඨමාලාව රුපියල් ලක්ෂ 25කට වැඩි වටිනාකමකින් යුක්ත බවත් රටේ සුවහසක් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වූ සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න අගයක් ගන්නා නමුත් සියල්ල නොමිලයේ දරුවන්ට ලබා දෙමින් මෙවැනි උත්සාහයක් දරන්නේල සමස්ත දිවයිනේම දරුවන්ල තමන්ගේම දරුවන් ලෙස සලකන නිසා බවද ඔහු විසින් වැඩි දුරටත් සඳහන් කරනු ලැබිණි.

එළැඹෙන රජයක් යටතේ පුද්ගලිකව මැදිහත්ව යාපනයේ ජනතාවටල කොළඹ ගොස් කරන්න සිදුවන සෑම රජයේ කටයුත්තක්මල යාපනයේ සිට කර ගත හැකි වන අයුරින් රජයේ කාර්‍යාල ස්ථාපිත කරන බවදල යාපනය ජනතාවගේ ජීවිතයේ සුව පහසුව වෙනුවෙන් තමන් කැපවෙන බවද හෙතෙම පැවසීය.

තමන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් වරයාව සිටි සමයේ වසර තුනක් තුල උතුරු දුම් රිය මාර්ගය සම්පූර්ණයෙන්ම සකසා අවසන් කල බවත්, මහින්දෝදය විද්‍යාගාර දහසක් මේ රටේ ඇති කිරීමට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා 2015 මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකව සිදු කල වැඩසටහන් පිළිබඳවද ඔහු එහිදී සිහිපත් කලේය.

Related posts

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Shiran Viraj

සමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයි

Shiran Viraj

රෝග සහිත සතුන් ජාතික වනෝද්‍යානවලට මුදා හරින අයට වැඩ වරදින ලකුණු

Shiran Viraj