February 2, 2026
Local NewsNews

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද දුරකථන ඇමතුමක් මත එහි සියලු නඩු කටයුතු නවතා දමා තිබේ.

ජනතාවද නිලධාරීන්ද ඉවත් කර පුළුල් පරීක්ෂාවක් සිදු කරමින් සිටියි.

අද පෙරවරුවේ මෙම දුරකථන ඇමතුම ලැබීමත් සමග පොලිසිය විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව එම හදිසි පරීක්ෂාව සිදු කරමින් ඇත.

කෙසේ වෙතත් අදාළ දුරකථන ඇමතුම ව්‍යාජ එකක් යැයි තහවුරු වුවහොත් තොරතුර ලබා දුන් ුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන කොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය කියා සිටී.

Related posts

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Shiran Viraj

කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..

Shiran Viraj

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

Shiran Viraj