31 C
Colombo
June 3, 2025
Local News News

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලුව මෙම සතියේ විසඳීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ඊට අදාළ කටයුතු මේවන විට සූදානම් කරමින් තිබේ.

මේ අතර විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාර්ශව රැසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡා යම් සාධනීය මට්ටමක පවතින බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

Related posts

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..

Shiran Viraj

බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයි

Shiran Viraj

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Shiran Viraj