31.1 C
Colombo
June 9, 2025
Local News News

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක එලෙස මියගොස් තිබේ.

මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු බව අනාවරණය වී තිබේ.

මරණ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.

මේවන විට මියගිය සිසුවාගේ සහ සිසුවියගේ දෙපාර්ශවයේ දෙමාපියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද නොතිබු බව දෙමව්පියන් විසින් එහිදී සඳහන් කර ඇතිබව වාර්තා වේ.

මහල් 70කින් සමන්විත නිවාස සංකීර්ණයේ 03 මහලේ වායු සමීකරණ යන්ත්‍රය සවිකර තිබූ ස්ථානයේ තිබි දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ.

දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…

Shiran Viraj

ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..

Shiran Viraj

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

Shiran Viraj