February 2, 2026
NewsPolitical

රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..

පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ චෝදනාව වී ඇත්තේ මහලේකම් දුරයට අදාළ රාජකාරීන් නිසිලෙස ඉටු නොකිරීමයි.

මෙම තත්ත්වය මත පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම ධුරයට තලතා අතු කෝරළ මහත්මිය පත්කරන ලෙස පක්ෂයේ ඉහළ නිලධාරින් පිරිසක් ඉල්ලීම් කරමින් තිබේ.

කෙසේ නමුත් සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තළතා අතුකෝරල මහත්මිය මෙතෙක් එක්සත් ජාතික පක්ෂ සමාජයකත්වය ලබාගෙන නැත.

මේ අතර පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරන්නේ තමන් මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමා දැනුවත් කර නැති බවය.

– Reporter

Related posts

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

Shiran Viraj

මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්

Shiran Viraj

රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…

Shiran Viraj