32.2 C
Colombo
March 30, 2026
NewsPolitical

නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි.

එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා විෂය ප‍්‍රවීණයෙකු ලෙස දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයන් ප්‍රතිසංස්කරණ කලහොත් රටට ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන්නේ යැයි මහ බැංකු අධිපකි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

මෙරට ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු එක් මහ බැංකු අධිපතිවරයෙකු වරදක්කරු කර ඇති සිහිපත් කල ජයතිස්ස මහතා මහ බැංකු අධිපතිවරයා දේශපාලඥයන් කියන දේ ප්‍රකාශ නොකළ යුතු බවත් විෂය දැනුම භාවිතා කරමින් ප්‍රායෝගික දේවල් පමණක් ප්‍රකාශ කළ යුතු බවත් පැවසීය.

Related posts

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

Shiran Viraj

අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

Shiran Viraj