31.1 C
Colombo
June 9, 2025
News Political

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

මෙම කටයුත්ත සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ එම දෙපාර්ශවය සමඟම කටයුතු කරමින් සිටින ප්‍රබලම ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් කිහිප දෙනෙකි.

ඊට හේතු වී ඇත්තේ මෙම ජනාධිපතිවරණයේදී කිසිවෙකුට සියයට පනහක ඡුන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇති බව සමීක්ෂණ ගණනාවකින් හෙළිව තිබීමයි.

මෙම සාකච්ඡාවන් සාර්ථක වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊළඟ ආණ්ඩුවේ ඉහළම තනතුරු බෙදී යාම සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.

මේ පිළිබඳව වන සාකච්ඡා කිහි වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වුවත් ඒ පිළිබඳව වැඩි තොරතුරු වාර්තා නොවෙයි.

Related posts

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Shiran Viraj

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් හදිසියේ නතර කළ හේතුව චීනයෙන් හෙළිකරයි

Shiran Viraj