February 2, 2026
Local NewsNews

සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…

සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Caitano Rancisco නමැති වයස අවුරුදු 70 ක පුද්ගලයෙක් වන බව සීගිරිය පොලිසිය පවසයි.

මිය ගිය විදේශිකයා අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමෙන් අනතුරුව තම පවුලේ සාමාජිකයන් සමඟ සීගිය නැරඹීමට සීගිරියට පැමිණ සීගිරිය තරණය කරන අතරේදී බිතු සිතුවම් ගුහාව අසලදී හදිසි අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක අංශයේ සහාය ඇතිව ඔහු සීගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.

රෝහලට ඇතුළත්කොට සුළු මොහොතකින් ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.

දැනට විදේශිකයාගේ මෘත දේහය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි දඹුල්ල රෝහල් පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සංචාරකයා සමඟ පැමිණි ඥාතීන්ට දේහය භාරදීමට නියමිත බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

Shiran Viraj

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj