26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බව ඔහු පැවසීය.

දකුණ නැගෙනහිර කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොලොන්නාව ප්‍රදේශයේදී පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.

Related posts

IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

Shiran Viraj

සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව

Shiran Viraj

අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..

Shiran Viraj