April 7, 2026
Local NewsNews

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

පසුගිය දිනවල තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 සහ 12 දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය නිලධාරීන් හත්ලක්ෂ දොලොස් දහස් තුන්සිය දහනමයක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

පසුගිය 04,05 සහ 06 දිනයේ විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර තිබේ.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට 11 සහ 12 දෙදින රාජකාරි කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කල හැකි බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

සුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…

Shiran Viraj

කැරට් 1,100යි.. බ්‍රොකොලි 7,000යි..

Shiran Viraj

මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

Shiran Viraj