31.1 C
Colombo
June 9, 2025
News Political

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් බලාපොරොත්තු වන සහයෝගය නොලැබෙන බවද පවසන ඔහු ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයක එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සිටින්නේදැයි සැකයක් ඇති බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක්ව සිටින කණ්ඩායමෙන් පමණක් ජනාධිපතිවරණය මෙහෙයවිය නොහැකි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂයෙන්ද අවශ්‍ය සහයෝගය ලැබිය යුතු බවද කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

Related posts

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Shiran Viraj

ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..

Shiran Viraj

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj