31.1 C
Colombo
June 9, 2025
Local News News

ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව ගොස් තිබේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇතිවූ වචන හුවමාරුක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

– 

Related posts

සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…

Shiran Viraj

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලීසියේ තිදෙනෙක් මාරු කරයි..

Shiran Viraj

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Shiran Viraj