27.8 C
Colombo
July 4, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…

එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය සාම විටම කැපවන බවත් චීනය තහවුරු කළේය.

කොළඹ වරාය නගරයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Zhu Yanwei චීනය කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම් නොකිරීමේ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් කියා සිටියේ නව ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව යැයි ශ්‍රී ලංකා ගාර්ඩියන් වාර්තාවේ දැක්වේ.

“අපි කිසිම රටක ස්වෛරීභාවයට හෝ ඒකාග්‍රතාවයට බාධා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසු කවුරු බලයට පැමිණියත්, නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට චීනය සූදානම්,” Zhu පැවසීය.

20 වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේ වැදගත්කම ගැන හඳුන්වාදීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මෙසේ සඳහන් කළේය.

දකුණු චීන මුහුදේ ආතතීන් සහ තායිවානය සම්බන්ධ තත්ත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන තානාපති Qi Zhenhong, එක් චීනයක් ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහයෝගය අගය කළේය.

“එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව අනුගත වීම සැමවිටම ප්‍රශංසනීයයි. එය අව්‍යාජ මිත්‍රත්වයේ ආත්මය පිළිබිඹු කරයි,” තානාපතිවරයා සඳහන් කළේය.

චීනයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි ස්ථාවරය යළිත් අවධාරණය කළ ඔහු, “චීනයේ ස්වෛරීභාවයට වල කැපීමට ඇතැම් උත්සාහයන් දරන නමුත් එවැනි චේතනාවන් අපි කිසිවිටෙකත් නොඉවසමු.”

මෙම මාධ්‍ය හමුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කරනු ලැබීය.

කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකරු සංවර්ධන ප්‍රගතිය පිළිබඳ අදහස් දැක්වූ අතර, හම්බන්තොට වරාය ව්‍යාපෘති කළමණාකරු ඇතැම් විදේශීය මාධ්‍ය ආයතනවල “පක්ෂග්‍රාහී ආඛ්‍යාන” ලෙස විස්තර කළ ද වරායේ කැපී පෙනෙන වර්ධනයක් ඉස්මතු කරමින් කරනු දැක්වීය.

වාර්තාව මෙතනින්

Related posts

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

Shiran Viraj

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

Shiran Viraj