31.1 C
Colombo
June 9, 2025
Local News News

විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…

සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දුරකථන රැගෙන යාමට අවසර හිමි වනුයේ විභාග ශාලාධිපති සහ අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණයි.

උද්ගතවූ ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

මේ අතර විභාග කාලය තුළ විභාග කටයුතු අධීක්ෂණය ද ශක්තිමත් කර තිබේ.

ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්‍යාල නිලධාරීන් ද යොදා ගැනීමට නියමිතයි.

එක් අධීක්ෂණ නිලධාරීයෙකු දින 15ක් තුල විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.

Shiran Viraj

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj

රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

Shiran Viraj