August 1, 2026
NewsPolitical

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

දෙසැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙම වසරේදී එම මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් නැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වන විට විවිධ හේතුන් නිසා දේශපාලනය අතහැර හෝ විදෙස්ගත වී ඇති අතර ඇතැම් අපේක්ෂකයන් මිය ගොස් තිබේ.

මෙම තත්ත්වය මත එම මැතිවරණයට නැවත නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගැනීමටද රජයේ අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත් එම මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබේ.

Related posts

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය

Shiran Viraj

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

Shiran Viraj

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

Shiran Viraj