February 2, 2026
NewsPolitical

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

තමන් මීට පෙර ‍සක‍්‍රීය දේශපාලනයේ නිරතව නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කර නැති බවත් ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තුවට පිවිසීම ජනතාව වෙනුවෙන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද ඇය කියා සිටින්නීය.

කිසි දිනක පාර්ලිමේන්තුවට පිවිසීමට තමන්ට බලාපොරොත්තුවක් නොතිබූ බවද පවසන ඇය මෙවර මහ මැතිවරණය සඳහා තමන්ට පෞද්ගලිකව වියදම් වූයේ රුපියල් ලක්ෂයක පමණ මුදලක් බවද කියා සිටී.

තම ආණ්ඩුවද ජනතාවට වැඩ නොකළොත් ජනතාව පෙර ආණ්ඩුවට වඩා ඉක්මනින් ගෙදර යවනු ඇති බවද ඇය පෙන්වා දෙයි.

දේශපාලනයේදී මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද අතරින් ඇතැම් විට නිල නිවසක් අවශ්‍ය වීමට හැකි බවද පවසන ඇය ඊට විශේෂ ඉල්ලීමක් කර නැති බවද කියා සිටියි.

හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවට එකමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

Related posts

කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…

Shiran Viraj

මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..

Shiran Viraj

කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙති

Shiran Viraj