April 12, 2026
NewsPolitical

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

රට තුළ සහල් හිඟයක් පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

වී නිෂ්පාදනය අවශ්‍ය තරම් තිබුණත් ඒවා සහල් ලෙස වෙළඳපොළට නොපැමිණීම හේතුවෙන් මෙම පියවර ගත යුතුව ඇති බවද හෙතෙම කියා සිටී.

වෙළඳපළට නොපැමිණි සහල් තොග මහා පරිමාණ මෝල් හිමියන් සතුව හැර වෙනත් තැනක තිබෙන්නට නොහැකි බවද පෙන්වා දෙන ඔහු රජය කටයුතු කරන්නේ ගොවීන්ට සහ පාරිභෝගික අගතියක් නොවන පරිදි බවද කියා සිටී.

වර්තමාන ආණ්ඩුවට සදාකාලික උත්තර නැති බවත් ඒ ඒ මොහොතට අවශ්‍යතාවය අනුව වැඩ කටයුතු සිදු කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

අද සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj

පෙට්ට්‍රල්, ඩීසල් වලටත් වැට් බද්ද.. මිල 10%කින් ඉහලට..

Shiran Viraj

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Shiran Viraj