April 3, 2026
Local NewsNews

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

රටේ ජනතාව අහිතකර අණ පනත් අහෝසි කිරිමට කාලය පැමිණ ඇති බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (21) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙහිදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ මේ රටේ ජනතාව, ශිෂ්‍යයන්, මාධ්‍ය මර්ධනය කිරිමට ගෙන තිබු පනත් වෙනුවෙන් සටන් කලේ එදා අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය බවයි.

දැන් ඒකට අවශ්‍ය බලය ජනතාව ජාතික ජන බලවේගයට ලබා දිලා තියෙනවා, ඒවා දැන් අහෝසි කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.

වතුකරයේ ජනතාව දැඩි විශ්වාසයක් තබලා තියෙනවා ජාතික ජන බලවේගය මත, ඊ.පි.එෆ්/ ඊ.ටි.එෆ් එක රැක දිම දැන් ජන බලවේගයේ වගකිමක් යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි

Shiran Viraj

සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්න

Shiran Viraj

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Shiran Viraj