April 2, 2026
Local NewsNews

මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් නවක මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ.

මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් තිස්පස් දෙනකු අලුතින් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මාදිවෙල පිහිට නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම එළඹෙන තුන් වෙනිදා ආරම්භ කෙරේ.

එම නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත හැක්කේ කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුලත නිවසක් නොමැති මන්ත්‍රීවරුන්ට පමණි.

මන්ත්‍රීවරුන්ට එම නිල නිවාස ලබා දීම සඳහා මේ දිනවල එම නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කර කටයුතු සිදුකරමින් තිබේ.

මෙම නිවාස සංකීර්ණයේ නිවාස 116ක් පිහිටා ඇත.

Related posts

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Shiran Viraj

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

Shiran Viraj

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Shiran Viraj