28.4 C
Colombo
June 9, 2025
Local News News

අපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්

පසුගිය මාස කිහිපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ආපදා පෙර සූදානම් වැඩපිළිවෙළ හේතුවෙන් මෙවර ආපදා හානි අවම වී ඇතිබව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසීය.

ඒ අනුව පසුගිය මාස කිහිපයේ අඛණ්ඩව ගිංගඟ සහ මාදු ගඟෙහි ජලය බැස යාමට අවහිර වන ලෙස පාලම් ආධාරකමත සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවිය.

ඒ දක්ෂිණ නාවික විධානයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිවයි.

ඒ හේතුවෙන් කිසිදු අපහසුවකින් තොරව ජලය බැස යාම හේතුවෙන් ගංවතුර අවධානමක් ඇති නොවූ බව පැවසීය.

මේ අතර ආපදා ඇතිවේයැයි හඳුනා ගෙන ඇති නෙළුව ,තවලම ,නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අවශ්‍ය වුවහොත් යුද හමුදා සහ නාවික හමුදා බට කණ්ඩායම් ස්ථානගතකිරීම අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

මේ වනවිටත් එම ප්‍රදේශ වල බෝට්ටු ස්ථාන ගතකිරීම සිදුකර ඇතිබව ලේකම්වරයා පැවසීය.

Related posts

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Shiran Viraj

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

Shiran Viraj

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට

Shiran Viraj