27.8 C
Colombo
July 8, 2026
Local NewsNews

පීඩන අවපාතය ත‍්‍රි’මලය ඉදිරියේ.. පැය හයකින් තීව‍්‍ර සුළි කුණාටුවක්.. රතු නිවේදන නිකුත් කෙරේ..

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද දින ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

දිවයිනේ උතුරු, උතුරු – මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

Related posts

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

Shiran Viraj

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..

Shiran Viraj

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්

Shiran Viraj