27 C
Colombo
July 27, 2025
Local NewsNews

CID පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. ආචාර්ය පට්ටම් දී ඇත්තේ සභානායක කාර්යාලයෙන්..

රහස් පොලිස් නිලධාරින් විසින් පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

ඒ අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම සම්බන්ධයෙන් ඔහු විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අනුවය.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

පොලිස් නිලධාරින් පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමට මුල් කරගත් ලිපි කිහිපයක් ද ඔවුන් බාරයට ගෙන ඇත.

මේ අතර වාර්තා වන්නේ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව භා සභාලේඛන කාර්යාලයේ ප්‍රධානීන් විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන බවද දැනගන්නට ඇත.

Related posts

චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…

Shiran Viraj

මැතිවරණය අපේ‍්‍රල් 25.. නිල නිවේදනය මෙන්න…

Shiran Viraj

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

Shiran Viraj