April 4, 2026
BusinessBusiness NewsNews

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හෙක්ටර් නිශාන්ත අප්පුහාමි මහතා පෙන්වා දෙන්නේ එ් අනුව එක බිත්තරයකින් නිෂ්පාදයකුට රුපියල් දහයක පමණ පාඩුවක් වන බවයි.

ඒ අනුව විෂය භාර අමාත්‍යවරුන් මේ සඳහා වහා මැදිහත් විය යුතු බවද කුකුල් ගොවිපළ සඳහා අවශ්‍ය ආහාර අඩු මිලට ලබා දුනහොත් බිත්තරයක් රුපියල් තිහක මුදලකට ලබා දීමට හැකි බවද ඔහු පවසයි.

එසේ නොවුනහොත් නිෂ්පාදකයන් කර්මාන්තවෙන් ඉවත් වී තවත් මාස කිහිපයක් ඇතුළත මෙම ක්ෂේත්‍රය කඩාවැෙටණු ඇතිද බවද හෙතෙම කියා සිටියේය.

එවිට නැවත වතාවක් බිත්තරයක් රුපියල් පනහ හැට සීමාව ඉක්මවා යනු ඇති බවත් පැවසූ ආණ්ඩුවට නැවතත් බැනුම් ඇසීමට සිදුවනු ඇති බවද ඒ මහතා මාධ්‍ය අමතමින් පැවසුවේය.

Related posts

උතුරේ ලක්ෂයකට අධික පිරිසක් විපතට; මන්නාරම දරුණුම තත්ත්වයේ

Shiran Viraj

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

Shiran Viraj

අලි ඝාතනයට මරණ දඬුවම – පූජ්‍ය රාහුල හිමි රජයට දැඩි චෝදනා නගයි

Shiran Viraj