28.4 C
Colombo
June 9, 2025
Local News News

දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්ජේ ඉදිපොළ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලයෙන් අලෙවියේදී සිදු කරන වංචාවක් ගැන ඔහු කළ ප්‍රකාශයක් ඊට හේතු වී ඇති බව සඳහන්ය.

උඩරට දුම්රියේ ඇල්ල දක්වා වූ දුම්රිය ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් ඇතුළත සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා වංචාවක් සිදුවන්නේ යැයි චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධීන් කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේ දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර එතරම් ඉක්මනින් අලෙවි වන්නේ නම් දෙපාර්තමේන්තුවට වාසියක් බවයි.

Related posts

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Shiran Viraj

ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..

Shiran Viraj