February 1, 2026
Local NewsNews

ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..

පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ඩුබායි සහ තවත් රටවල් තුනකින් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

ආරක්ෂක හේතුන් මත මෙම සැකකරුවන් පිළිබඳ සුලමුල හෙළිකිරීමට නොහැකි යැයි ද මනතුංග මහතා සඳහන් කළේය.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිට පිටරටවලට මෙසේ පැනගිය අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුව ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් අල්ලා ගැනීමේ මෙහෙයුම් ජාත්‍යන්තර පොලිසිය අදාළ රටවල්වල පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙන බවත් එම පොලිස් නිලධාරීන් දිගින් දිගටම වැටලීම් සිදුකරගෙන යන බවත් මනතුංග මහතා කීවේය.

මෙම පොලිස් වැටලීම් වඩාත් කඩිනම් කර තිබේ. ශ්‍රී ලංකා අපරාධකරුවන් 63 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර තිබේ.

Related posts

‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..

Shiran Viraj

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ

Shiran Viraj

COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන

Shiran Viraj