27.2 C
Colombo
June 10, 2025
Local News News

ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට

ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලි මහත්මිය සඳහන් කරයි.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පළ කරයි.

දෙරණ නාලිකාවෙන් සමුගෙන ඔස්ටෙ‍්‍රලියාලියාවේ සිඩ්නිහි වෙසෙන ඇය තම සමාජ ජාල ගිණුමේ ඇය මෙම සටහන තබා ඇත.

“ජනාධිපතිතුමනි, ඔබ රටේ බහුතරයක කැමැත්තෙන් ජනවරම ලබා ගත්ත ජනාධිපතිවරයා,හිටපු ජනාධිපතිවරයාගෙ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් ආරක්ෂකයෝ දෙතුන් දෙනෙක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.එහෙම කරන්න පුළුවන් නං ඒක වඩා හොඳයි.හැබැයි තවමත් ගැලරිය පිනවන ලාභාල කතා ජනාධිපතිවරයෙක්ට සුදුසු නෑ.තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියක ඉඳලා ආවත් ඔබ දැන් රටේ ජනාධිපති”

Related posts

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

Shiran Viraj

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Shiran Viraj

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

Shiran Viraj