27.9 C
Colombo
July 29, 2025
BusinessBusiness NewsNews

ඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..

අද දිනයේ රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ.

ඒ වී කිලෝවත තොග ගැනුම් මිල මෙන් දෙකයි දශම එක ගුණයක් ලෙස සහල් මිල තීරණය වීම නිසාවෙනි.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියේ පාරිභෝගික අධිකාරිය අනුව සහල් කිලෝවක මිල තීරණය වන්නේ වී කිලෝවක තොග ගැනුම් මිල දෙකයි දශම එක ගුණයකින් වැඩි කිරීමෙන් බවයි.

ඇමතිවරයට අනුව නාඩු වී කිලෝ එකක් රුපියල් 120 බැගින් මිලට ගත් විට නාඩු සහල් කිලෝවක් රුපියල් 252ක්ද, සම්බා වී කිලෝවක් රුපියල් 125ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 262ක්ද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 277ක්ද වෙයි.

Related posts

දිවා ආහාරය හූනෙකුගෙන් රස වෙයි-36ක් රෝහලට

Shiran Viraj

වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

Shiran Viraj

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Shiran Viraj