July 7, 2026
BusinessBusiness NewsLocal NewsNews

එමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…

රජයෙන් රජයට ගිවිසුම් ගතවී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු වියදමකින් ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

තෙවන පාර්ශවයන් හරහා ඉන්ධන ආනයනය කිරීමේදී සිදුවන අමතර පිරිවැය ඉතිරි කර ගැනීම මෙමගින් අපේක්‍ෂිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයන්ගෙන් එකකි. ඔවුන්ගේ ආර්ථිකය බොහෝ දුරට තෙල් මත පදනම් වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුව ලෝකයේ හත්වන විශාලතම තෙල් සංචිත ඇත.ඔවුන් දිනකට බොරතෙල් මිලියන 3 කට වඩා නිෂ්පාදනය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව පුරා රටවල් ගණනාවකට තෙල් අපනයනය කරයි. ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් අතරට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ආසියානු රටවල් මෙන්ම යුරෝපීය රටවල් ද ඇතුළත් වේ.

Related posts

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

Shiran Viraj

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj