August 1, 2026
BusinessBusiness NewsLocal NewsNews

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

තඹලගමුව හා කන්තලේ පෝට කොටුව ගබඩා වලට මෙම වී තොගය ලබදුන් බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) ඩබ්. ආර්. අජිත් ශාන්ත කුමාර මහතා පැවසීය.

2024/25 මහ කන්නේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අස්වනු නෙළන ප්‍රදේශ ආවරණය වන පරිදි රජයේ ගබඩා 23 ක් විවෘත කර ඇති බවද ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවසීය.

ප්‍රමිතියෙන් යුක්ත නාඩු කිලෝවක් සඳහා රුපියල් 120/- ක් ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130/- ක් සහ කිරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132/- වශයෙන් රජය වී මිලදී ගනිද්දී කුඹුරට එන පෞද්ගලික වෙළෙඳුන් ප්‍රමිතිය නොබලා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 125/ – ක් ලබාදෙන බැවින් ගොවින් රජයේ ගබඩා වලට වී ලබාදීමට මැලිකමක් දක්වන බව දැන ගන්නට ඇත.

Related posts

දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලට

Shiran Viraj

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Shiran Viraj

විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…

Shiran Viraj