February 2, 2026
BusinessBusiness NewsNews

කිරී, සම්බා උග‍්‍ර හිගයක්.. අලෙවිය පස්ස දොරෙන් මිතුරන් අතරේ පමණයි.. කිලෝව 320යි..

බොහෝ ප්‍රදේශවල මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, පවතින හිඟය නිසා මෙම සහල් වර්ගවල මිල සැලකිය යුතු මුදලකින් ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඇතැම් ප්‍රදේශවල කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310ත් රුපියල් 320ත් අතර මුදලකට අලෙවි කරමින් තිබෙන අතර, සම්බා සහල් කිලෝවක් රුපියල් 270ත් රුපියල් 290ත් අතර මුදලකට අලෙවි කරමින් සිටියි.

බොහෝ ප්‍රදේශවල මෙම මිලට පවා සහල් මිලදී ගැනීමට හැකියාව තිබෙන්නේ වෙළෙඳ සැල් හිමියාට හිතවත්ම පාරිභෝගිකයන්ට පමණක් වන අතර, සහල් මිලදී ගැනීමට අදාළව බිල්පත් නිකුත් කිරීමක්ද සිදුනොකරනු ලබයි.

බිල්පතක් ඉල්ලා සිටි විට ‘other’ යනුවෙන් සඳහන් බිල්පතක් නිකුත් කරන අතර, මේ නිසා වැඩි මිලට සහල් අලෙවි කළ බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් සිදුකිරීමට පාරිභෝගික ජනතාවට නොහැකි වී තිබේ.

සහල් පාලන මිලට අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් 240කටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත් අලෙවි කළ යුතු වේ. එහෙත් දේශීය සම්බා හෝ කීරි සම්බා මෙම මිලට වෙළෙඳ පොළින් මිලදී ගැනීමට නොමැත.

Related posts

පාස්කු ඉරිදා අදයි

Shiran Viraj

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Shiran Viraj

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට

Shiran Viraj