31.1 C
Colombo
June 9, 2025
Local News News

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ලද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් අද වන විට ආණ්ඩුවට අවවාද උපදෙස් අනුශාසනා දෙමින් සිටියදී තවත් පිරිසක් රළු ලෙස දෝෂාරෝපණය කරමින් සිටිති.

ඉදිරියේදී ආණ්ඩුව ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග, කල යුතු වෙනස්කම්, ජනාධිපතිවරයා හැසිරිය යුතු ආකාරය හා කතා කල නොකල යුතු දෑ, අමාත්‍යවරුන් ජනතාව සමග සුහද ගනුදෙනුවකට යා යුතු ආකාරය, ප‍්‍රවේශමෙන් මාධ්‍ය වෙත මුහුණ දෙන ආකාරය, ආණ්ඩුව ජනතාවට සහන ලබාදිය යුතු ආකාරය, තවදුරටත් තම ඡන්ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගමන් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් තමන්ට හැඟෙන ආකාරයට තම මට්ටම්වලින් අදහස් පළ කරමින් සිටිති.

ඇතැමුන්ගේ අදහස් පළ කිරීම ඉතා රළු බැනුම් ආකාරයෙන් ඉදිරිපත් කරන අතර තවත් පිරිස් ඉතා මෘදු ලෙස නමුත් යම් අවවාදාත්මක ලෙස සිදු කරමින් සිටිති.

Related posts

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

Shiran Viraj

මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..

Shiran Viraj

තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.

Shiran Viraj