27.8 C
Colombo
July 4, 2026
NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිත

ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

එම ගිවිසුම අත්සන් කළේ සෙනසුරාදා බවත් අනතුරුව පාර්ලිමේන්තුව පැවති අඟහරුවාදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වේලාවක් නොතිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

අවශ්‍ය අයකුට එය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගත හැකි බව ද ඇමති විජිත හේරත් ප්‍රකාශ කරයි.

කැබිනට් අනුමැතිය ලබා යථා කාලයේ දී අදාළ ගිවිසුම් රට හමුවේ තබන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Related posts

වාර්ෂික බස් ගාස්තු සංශෝධන යෝජනාව කැබිනට් මණ්ඩලයට

Shiran Viraj

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Shiran Viraj

සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…

Shiran Viraj