September 20, 2026
Local NewsNews

කෝටි ගණනක දේපල තහනම් කරයි..

වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් හික්කඩුව, නාලාගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි දැනට හෙරොයින් සන්තකයේ තබා ගැනීම සන්ධයෙන් ගාල්ල අධිකරණය මඟින් රක්ෂිතබන්ධනාගාරගත කර සිටින සැකකාරියක් හා ඇයගේ සමීපතමයින් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකරන මුදල් රුපියල් ලක්ෂ 466 ක වටිනා කමින් යුත් පහත දේපල මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත අනුව 2025.07.16 වන දින ක්‍රියා විරහිත කිරීම සිදු කර ඇත.

  • සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස සහිත පර්චස් 19.08 ක ඉඩම හා එම ඉඩමට යාබද පර්චස් 12.72 ක ඉඩම.
  • කලුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 40 ක් වටිනා පර්චස් 20 ක ඉඩම.
  • රුපියල් ලක්ෂ 16ක් වටිනා ත්‍රී රෝද රථයක්.
  • කලුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 10 ක් වටිනා නිවස සහිත පර්චස් 05ක ඉඩම.
  • රත්ගම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත පර්චස් 10 ක ඉඩම.
  • කලුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත හෙක්ටයාර 0.0373 ඉඩම.
  • මුදල් රුපියල් ලක්ෂ 120 ක් වටිනා කාර් රථයක්.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි. ක්‍රියා විරහිතකරන ලද දේපල වල ජායාරූප මේ සමග ඔබ වෙත යොමු කරමි.

Related posts

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Shiran Viraj

ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…

Shiran Viraj

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

Shiran Viraj