26 C
Colombo
March 31, 2026
Local NewsNews

බෙලිගල්ලේ පාසල් බස් අනතුරකින් සිසුන් 16කට තුවාල

බෙලිඅත්ත – වීරකැටිය ප්‍රධාන මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ පාසල් බස් අනතුරකින් සිසුන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ පාසල් සිසුන් රැගෙන ගමන් කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බැම්මක ගැටීමෙනි.

තුවාල ලැබූ සියලුම සිසුන් වහාම බෙලිගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් ඇතැම් සිසුන් මූලික ප්‍රතිකාර වලින් පසු නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අනතුරින් තුවාල ලැබූ සිසුන් 13 දෙනෙකු පමණ මේ වන විටත් බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල සහ වීරකැටිය රෝහල් ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

Shiran Viraj

මන්ත‍්‍රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්‍ෂයෙන් නඩු..

Shiran Viraj

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

Shiran Viraj