මාතර බීච් පාරේ පිහිටි හෝටලයක හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සඳුදා (25) රාත්රී 11.50ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ කර ඇත.
පහර දීමට උත්සාහ කළ පුද්ගලයා, හෝටල් හිමිකරු සමඟ පොරබැදීම නිසා පිස්තෝලය එම ස්ථානයේ දමා පළා ගොස් ඇත.