January 28, 2026
Local NewsNews

අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්

අනාගතයේදී ඇති විය හැකි වෙනස් ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා දියුණු උපකරණ හා මානව සම්පත යොදවා සූදානම් විය යුතු බව විදේශ හා සංචාරක ඇමති විජිත හේරත් මහතා අවධාරණය කරයි.

ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇමතිවරයා පෙන්වා දුන්නේ, මෙම ආපදා තත්ත්වය අනපේක්ෂිත වූ බවත්, සමහර ස්ථානවල 1957 දී ගැලූවාට වඩා වැඩි ප්‍රමාණයක් ජලය ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බවත්ය.

සීමාකාරී සාධකය ආර්ථිකයයි:

රජය මේ සඳහා අවශ්‍ය දියුණු උපකරණ සහ මානව සම්පත් යෙදවීමට සූදානම් බව තහවුරු කළද, ඇමතිවරයා පිළිගත්තේ රටේ ආර්ථික තත්ත්වය මත සමහර තීරණ රඳා පවතින බවයි.

“බංකොළොත් වෙච්ච රටක ආපදා කළමනාකරණයට වෙන් කරන සල්ලි ප්‍රමාණය, ගන්න පුළුවන් උපකරණ ප්‍රමාණය සීමා විය හැකි බව” ඔහු පෙන්වා දුන්නේය.

සන්නිවේදන ගැටලුව:

පැවති ආපදා තත්ත්වයත් සමඟ සන්නිවේදනය බිඳ වැටීම ප්‍රධාන ගැටලුවක් වූ බව ඇමතිවරයා සඳහන් කළේය.

  • දුරකථන රැහැන් හෝ කුළුණු ක්‍රියා විරහිත වන අවස්ථාවකදී සැටලයිට් දුරකථන තිබුණා නම්, මොරලිය වැනි සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල පවා ක්ෂණික මැදිහත්වීමක් සිදු කිරීමට හැකිව තිබූ බව ඔහු පැහැදිලි කළේය.

අවධාරණය:

ක්ෂණික සිදුවීම්වලදී සියලු ජීවිත බේරාගත නොහැකි වුවද, සිද්ධියෙන් පසු මැදිහත් වීමට ඇති හැකියාව දියුණු කරගත යුතු බව ඇමතිවරයා අවධාරණය කළේය. ඒ අනුව දියුණු තාක්ෂණික උපකරණ සහ මානව සම්පත යොදා ගනිමින් ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමට රජය ක්‍රියාත්මක වන බව විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Related posts

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj

ලබන ඉරිදාත් දේව මෙහෙයන් එපා – අගරදගුරු හිමියන් කියයි

Shiran Viraj