April 7, 2026
Local NewsNews

දූෂණයෙන් විදෙස්ගත කළ වත්කම් සොයා ගැනීමට විශේෂ කාර්ය සාධක බලකායක්!

දූෂණයෙන් උපයාගත් වත්කම් විදේශයන්හි සිට නැවත පවරා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ස්ටාර් (StAR) ආයතනය එකඟතාව පළ කර ඇත.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී, ‘අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත’ යටතේ මෙම වත්කම් ආපසු ගැනීම කඩිනම් කිරීමට තීරණය විය.

මෙම ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර, දූෂණ විරෝධී නීති සකස් කිරීම සඳහාද StAR ආයතනය දැනටමත් සහයෝගය ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මුල්‍ය බුද්ධි අංශයේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

Related posts

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාව බඩගින්නේ.. හාල්, පරිප්පු, පැරසිටමෝල් ගන්නත් පෝලිම්..- විදෙස් මාධ්‍ය

Shiran Viraj

විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයි

Shiran Viraj