February 1, 2026
Local NewsNews

අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයට

අද පෙරවරුවේ අම්බලන්ගොඩ ගාලු පාරේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීමකින් එහි කළමනාකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. ඔහු ආයතනයේ සේවය සඳහා පැමිණ සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් අම්බලන්ගොඩ නගර සභාව සඳහා තරඟ කළ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කර ඇත. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනා

Shiran Viraj

ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

Shiran Viraj

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj