31.1 C
Colombo
February 18, 2026
Local NewsNews

විශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්

විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට රජය දරන උත්සාහය භයානක අනතුරක් බව පෙන්වා දෙමින් Free Lawyers සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පීඨාධිපති සහ අංශාධිපති පත් කිරීම් අත්හිටුවීමට ගෙන ඇති තීරණය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට පටහැනි බවත්, එමඟින් ස්වාධීන විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාවලියට බලවත් අගතියක් සිදුවන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය විසින් පීඨාධිපති සහ අංශාධිපති පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත්, මෙම සංශෝධන හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන නිදහස සහ ස්වාධීනත්වය බරපතළ ලෙස අනතුරේ වැටෙන බවත් නිවේදනයේ දැක්වේ. මෙම සංශෝධන මඟින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට සිය අභිමතය පරිදි නිලධාරීන් ඉවත් කිරීමට බලය ලැබෙන අතර, එමඟින් ජ්‍යෙෂ්ඨත්වය නොසලකා දේශපාලන අතවැසියන් තනතුරුවලට පත් කිරීමට මඟ පෑදෙන බවට ද චෝදනා එල්ල වී ඇත.

ශාස්ත්‍රීය නිදහස සහ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය විනාශ කරන මෙම නව සංශෝධන පරාජයට පත් කිරීමට නිදහස් අධ්‍යාපන හිමිකම ගරු කරන සියලු පාර්ශ්වයන්ට එක්වන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටී. මෙම නිවේදනය ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

Related posts

කම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..

Shiran Viraj

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

Shiran Viraj

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

Shiran Viraj