29.3 C
Colombo
May 3, 2026
Local NewsNews

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයේ අසම්මත වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි සමාජ විවේචන හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අග්‍රාමාත්‍යවරිය විසින් ලබාදුන් උපදෙස් මත ඇය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයකට මෙවැනි අන්තර්ගතයන් ඇතුළත් කිරීමේදී සිදුව ඇති අත්වැරදීම් සහ නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඇය මෙලෙස ධුරයෙන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබේ.

Related posts

ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටි

Shiran Viraj

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

Shiran Viraj

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

Shiran Viraj