February 2, 2026
Local NewsNews

විදුලි සේවකයන්ගේ විශ්‍රාම වන්දි පාරිභෝගිකයා මත පැටවීම අනීතික බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් චෝදනා

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන් 2,158 දෙනෙකු වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 11,554ක මුදල විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. මෙය මුළුමනින්ම අනීතික ක්‍රියාවක් බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ 2026 වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් රුපියල් මිලියන 874ක මුදලක් බිල්පත් හරහා පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇති බවයි. 2026 පළමු කාර්තුව සඳහා යෝජිත 11.57%ක විදුලි බිල වැඩිකිරීමට මෙම සේවක වන්දි පිරිවැය ද ඇතුළත් කර තිබේ.

2024 අංක 36 දරන සංශෝධිත විදුලි බල පනත ප්‍රකාරව පාරිභෝගිකයන්ගෙන් අය කරගත හැක්කේ විදුලිය උත්පාදනය හා බෙදා හැරීම සඳහා වැයවන සෘජු පිරිවැය පමණක් බව සඳහන් කළ ලේකම්වරයා, රැකියාවෙන් ඉවත්වන සේවකයන්ට වන්දි ගෙවීම සඳහා පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව අවධාරණය කළේය. මෙය ජනතාව මත පටවන අනවශ්‍ය බරක් බැවින් එම යෝජනාව වහාම ආපසු හරවා යවන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටියි.

Related posts

ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…

Shiran Viraj

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

Shiran Viraj

ක‍්‍රිකට් සභාපති සුරූපිනියන් තිදෙනෙක් සමග පලමු පන්තියෙන් ඕස්ට්‍රේලියාවට… රහස් පොලිසියට පැමිණිලි..

Shiran Viraj