April 3, 2026
BusinessBusiness NewsLocal NewsNews

ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි: නව නිෂ්පාදන 7ක් වෙළෙඳපොළට

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය ඉතිහාසයේ වසරක් තුළ උපයාගත් වැඩිම අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688 ක මුදලක් පසුගිය 2025 වර්ෂයේදී උපයා ගැනීමට සමත්ව ඇත. මීට අමතරව, සංස්ථාව මසක් තුළ වාර්තා කළ ඉහළම අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 205 ක මුදලක් පසුගිය දෙසැම්බර් මාසයේදී උපයා තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්ථා පරිශ්‍රයේ පැවැති නව නිෂ්පාදන 07 ක් හඳුන්වාදීමේ උත්සවයේදී මෙම තොරතුරු අනාවරණය විය.

සංස්ථාවේ මෙම සාර්ථක ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ එහි සභාපතිනී ගීතාමනී සී. කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ නිසි සැලසුම් සහගත වැඩපිළිවෙළ මීට මූලික වූ බවයි. දේශීය ඖෂධ අවශ්‍යතාව සපුරාලීම සඳහා නිකවැරටිය, දංගොල්ල සහ මැදවච්චිය යන ප්‍රදේශවල ඔසු උයන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්, අනුරාධපුර බන්ධනාගාරය සහ සිවිල් ආරක්ෂක බලකා කඳවුරු සමඟ ඒකාබද්ධව “ඔසු දිරිය” වගා වැඩසටහන ආරම්භ කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලය සමඟ එක්ව හීන් අරත්ත වගා කිරීමේ ව්‍යාපෘතියක් ද සාර්ථකව දියත් කර ඇත.

ආයතනික ව්‍යුහය නවීකරණය කිරීම සඳහා ERP පරිගණක මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත කිරීම සහ දිගුකාලීනව පැවති මානව සම්පත් පුරප්පාඩු සම්පූර්ණ කිරීම ද මෙම මූල්‍ය ප්‍රවර්ධනයට හේතු වී තිබේ. සේවක අභිප්‍රේරණය සඳහා නිෂ්පාදන කාර්ය සාධනය මත පදනම් වූ දිරි දීමනා ක්‍රමයක් ද සංස්ථාව තුළ ක්‍රියාත්මක වේ. මෙම උත්සවයට සමගාමීව අමාත්‍යවරයා නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, සංස්ථාව හඳුන්වා දුන් නව ශාකසාර නිෂ්පාදන 07 පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළේය.

Related posts

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Shiran Viraj

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Shiran Viraj

නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…

Shiran Viraj