February 1, 2026
Local NewsNews

මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයි

හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට ඇතුළත්ව තිබූ නුසුදුසු අන්තර්ජාල සබැඳියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය විසින් මෙම සංශෝධනය සඳහා අවශ්‍ය නිල අනුමැතිය ඊයේ (06) දින ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ පිළිබඳව කරුණු පැහැදිලි කළාය. මහජනතාවගේ සහ විපක්ෂයේ දැඩි කතාබහට මෙන්ම විවේචනයට ලක් වූ මෙම දෝෂය නිවැරදි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ අංශ මේ වන විට කඩිනම් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.

Related posts

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

Shiran Viraj

සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

Shiran Viraj

පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..

Shiran Viraj