24.5 C
Colombo
February 21, 2026
Local NewsNewsPolitical

වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි

සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්‍රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. චෙක්පත් ලිවීම ඇතුළු සියලුම පරිපාලන සහ තාක්ෂණික කටයුතු සිදුවන්නේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය හරහා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. යම් හෙයකින් එම ක්‍රියාවලිය තුළ කිසියම් අත්වැරදීමක් හෝ ප්‍රමාදයක් සිදුව ඇත්නම්, එය වහාම සොයා බලා නිවැරදි කිරීමට රජය කටයුතු කරන බවට ඔහු සහතික විය.

චෙක්පත් අගරු වන තරමේ කිසිදු මුදල් හිඟතාවයක් රජය සතුව නොමැති බවත්, වන්දි ගෙවීමේ සමස්ත ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන සියලුම මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිසි පරිදි ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් විපක්ෂය හෝ වෙනත් පාර්ශ්වයන් පතුරුවන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටි ඔහු, පීඩාවට පත් සෑම පුරවැසියෙකුටම හිමි විය යුතු සහන කඩිනමින් ලබා දීමට රජය කැපවී සිටින බව පවසා සිටියේය.

Related posts

උණුසුම් වු කොටදෙණියාව

Shiran Viraj

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

Shiran Viraj

වරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයි

Shiran Viraj