April 10, 2026
Local NewsNews

හැටන් නගරයේ අබලන් වූ පැරණි වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීමේ කටයුතු ඇරඹේ

වසර ගණනාවක් තිස්සේ ගරා වැටී පාළුවට ගොස් තිබූ හැටන් නගරයේ පැරණි වෙළඳ සංකීර්ණය (පරණ මාකට්) වහාම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට හැටන් දික්ඔය නගර සභාව පියවර ගෙන ඇත. මේ යටතේ වෙළඳපොළ නවීකරණය කිරීමේ මූලික කටයුතු හැටන් දික්ඔය නගරාධිපති අශෝක කරුණාරත්න මහතාගේ සහ නගර සභා නිලධාරී මණ්ඩලයේ සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ විය. නගරයේ පදික වේදිකා අවහිර වන සේ සිදුකරන වෙළඳාම් නැවැත්වීමට සහ නගර අලංකරණය විධිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

පැරණි වෙළඳ සංකීර්ණය තුළ වෙළඳසැල් හිමි ඇතැම් ව්‍යාපාරිකයන් එම ස්ථාන ගබඩා කාමර ලෙස කුලියට ලබා දී පදික වේදිකාවල වෙළඳාම් කිරීම නගරයේ පදිකයන්ට විශාල බාධාවක් වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. මේ හේතුවෙන් පදික වේදිකාව අවහිර වන සේ වෙළඳාම් කරන පිරිස් ඉවත් කිරීමටත්, නගරයේ තදබදය අවම කිරීමටත් නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මෙහිදී ක්ෂණික පියවර ගත්හ. ව්‍යාපාරිකයන්ට සිය වෙළඳ කටයුතු විධිමත් පරිශ්‍රයක් තුළ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහිදී සිදුවේ.

නගරාධිපති අශෝක කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ දැනට අබලන්ව පවතින පරණ මාකට් එකේ සියලු කඩ කාමර කඩිනමින් නවීකරණය කරන බවයි. එම කටයුතු අවසන් වූ පසු මත්ස්‍ය සහ මාංශ වෙළඳාම සඳහා එම ස්ථානය සම්පූර්ණයෙන්ම වෙන් කර දෙන අතර ඉන් අනතුරුව පදික වේදිකාවල වෙළඳාම් කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව ඔහු අවධාරණය කළේය. මෙම පියවර හරහා හැටන් නගරය වඩාත් පිරිසිදු සහ ක්‍රමවත් නගරයක් බවට පත් කිරීමට නගර සභාව අපේක්ෂා කරයි.

Related posts

සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..

Shiran Viraj

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

Shiran Viraj

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Shiran Viraj