24.1 C
Colombo
February 21, 2026
NewsPolitical

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මිල පාලනයට නව නියාමන ආයතනයක් පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

වර්තමානයේ ඉඩම් සහ නිවාස මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ යාම පිටුපස පවතින දැවැන්ත ‘මාෆියාව’ මැඩලීමට රජය පියවර ගන්නා බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙතෙක් මෙම ක්ෂේත්‍රයේ මිල ගණන් නියම කිරීම සහ පාලනය කිරීම සඳහා විධිමත් නියාමන ආයතනයක් නොතිබීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස ‘ශ්‍රී ලංකා දේපළ වෙළඳාම් වෘත්තිකයන්ගේ ආයතනය’ පිළිබඳ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අලුතින් ස්ථාපිත කරන මෙම ආයතනය මඟින් ඉඩම් භාවිතය සහ ඉන් උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්නා ආකාරය පිළිබඳව මහජනතාවට මෙන්ම ආයෝජකයන්ට ද නිසි මඟපෙන්වීමක් ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය වඩාත් විනිවිදභාවයකින් යුතු වෘත්තීයමය සේවාවක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණකි. මෙම නව ආයතනය පිහිටුවීම හරහා මිල ගණන් පාලනය කිරීමටත්, ක්ෂේත්‍රයේ සිදුවන අයථා ගනුදෙනු අවම කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

Related posts

විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…

Shiran Viraj

මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…

Shiran Viraj

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Shiran Viraj