24.1 C
Colombo
February 21, 2026
Local NewsNews

2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉහළ ගියත් ආදායම පහළට

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් දක්වා සියයට 5.6 කින් පහත වැටී ඇත. 2025 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 400.7 ක සංචාරක ආදායම හා සැසඳීමේදී මෙය සැලකිය යුතු අඩුවීමකි.

කෙසේ වෙතත්, ආදායම පහළ ගියද මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සියයට 9.7 ක වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව 2025 ජනවාරි මාසයේදී පැමිණි 252,761ක් වූ විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, 2026 වසරේ ජනවාරි මාසය වන විට 277,327ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

Shiran Viraj

ඇසළ පෙරහර හේතුවෙන් සංචාරක පැමිණීම 17%කින් ඉහළට

Shiran Viraj

කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙති

Shiran Viraj