April 8, 2026
Local NewsNews

වතු කම්කරුවන්ගේ EPF සහ ETF අරමුදල් සූරාකන තැරැව්කරුවන් පාලනයට පියවර

වතු කම්කරුවන්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින්, ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් (ETF) ලබා ගැනීමේදී තැරැව්කරුවන් විසින් සිදු කරන මූල්‍ය සූරාකෑම නතර කිරීමට කඩිනම් පියවර ගත යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධීකාරක ඉරේෂා උදේනි මහත්මිය පවසයි. දික්ඔය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති වැඩසටහනකදී ඇය මේ බව අවධාරණය කළාය.

අරමුදල් ලබා ගැනීම සඳහා තැරැව්කරුවන්ගේ සහාය පැතීමට සිදුවීම නිසා, අහිංසක වතු කම්කරුවන්ට තමන් ලබා ගන්නා මුදලින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් එම තැරැව්කරුවන්ට ලබා දීමට සිදුව ඇති බව ඇය පෙන්වා දුන්නාය. මෙම අහිතකර තත්ත්වය වළක්වා ගැනීම සඳහා කම්කරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඉදිරියේදී හැටන් නගරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය.

එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා කම්කරු කාර්යාලයේ නිලධාරීන්, EPF සහ ETF කාර්යාලවල නිලධාරීන් මෙන්ම වතු කාර්ය මණ්ඩලයේ ද සහාය ලබා ගැනීමට අපේක්ෂිතය. එහිදී අරමුදල් ලබා ගැනීමට අපේක්ෂිත පිරිස් වෙත අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කරන ආකාරය පිළිබඳව සහ නීත්‍යානුකූල ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දීමට නියමිතය.

Related posts

ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..

Shiran Viraj

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ඇරෙයි

Shiran Viraj

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

Shiran Viraj